Wednesday 30 October 2019

Welcome to Reda Official Page

සීමා මායිම් නැති Life එක..   




ජීවිතය පාට පෙට්ටියක් එක එක ජාතියෙ පාට තියනවා හරියට අපිට සිද්දවෙන දේවල් වගේ සමහර පාට ගෑවම පුදුම ලස්සනයි හරියට අපි අපේ ජිවිතේ හරි පාරෙ යනව වගේ... සමහර පාට ගෑවම කිසි ලස්සනක් නෑ කියල දැන දැනත් ඒ පාටම ගානවා හරියට ජිවිතේ වැරදි පාරෙ යනව වගේ, සමහර පාටවල ලස්සන වැඩි කරන්න තවත් පාට එකතු කරන්න ඕන හරියට හොඳම යාලුවො එකතු වුණා වගේ... සමහර පාට අතට ගත්ත ගමන් හිතෙනවා මේක තමයි මෙතනට ගැලපෙනම පාට කියල හරියට නිවැරදි තීරණයක් ගන්නව වගේ සමහර පාට අතට අරගෙන ටිකක් වෙලා ගියාම හිතෙනවා මේ පාට නම් ගැලපෙන්නෙම නෑ කියල හරියට මොලේ පෑදෙනවා වගේ... සමහර පාට හදිස්සියට ගානවා,හරියට ක්ෂණික තීරණයක් ගන්නව වගේ සමහර පාට ගාන්දෝ නොගාන්දෝ කියල හිතෙනවා හරියට ස්ථිර තීරණයක් ගන්න බෑ වගේ...සමහර පාට ගෑවට හිතපු තරම් ලස්සනක් නෑ හරියට අපේ විශ්වාසෙ වගේ සමහර පාට වෙනස් කරන්න හැදුවට එහෙම කරන්න බෑ හරියට අපි පසුතැවෙනවා වගේ... සමහර පාට ගැලපෙන්නෙ නෑ කියල දැනෙන්නෙ ටිකක් වෙලා යනකොට හරියට වැඩකට නැති දේකට වෙලාව වෙන්කළා වගේ, සමහර වෙලාවට ගාපු පාටවල් වෙනස් කරල ඊට උඩින් වෙන පාටක් ගාද්දි ගොඩක් අමාරු වෙනව, හරියට මහා දුකක් හිතේ තියාගෙන හිනාවෙන්න හදනව වගේ... සමහර පාටවල ලස්සන වැඩි කරන්න ඊට උඩින් තව පාට ගාද්දි කලින් ගාපු පාට පේන්නෙම නැතුව යනවා, හරියට මුල අමතක වෙනව වගේ, ඒත් මේම හැම පාටක්ම එකතු වුණොත් විතරයි චිත්‍රයකට පුදුමාකාර අර්ථයක් එන්නෙ, හරියට ජීවිතේට එකතුවුණු අත්දැකීම් වගේ තවත් වෙලාවකට හිතෙනව ඒ ඇදපු චිත්‍රය ගුලි කරල විසිකරල දාන්න හරියට ජිවිතේ දිහා ආපහු හැරිල බලනව වගේ... එහෙම වෙලාවට ඒ විසිකරපු චිත්‍රයෙ ගාපු පාට අමතකම කරල වෙනමම කොළේක අලුතින් පාට කරන්න ගන්නව හරියට ජිවිතේ යථාර්ථය තේරුණා වගේ, ඒත් ඒ වෙලාවට අපිට ඒ පාට ඉක්මනට ගාගන්න තරම් ශක්තියක් නෑ හරියට හෙම්බත්වෙච්ච අපේ හිත වගේ..

No comments:

Post a Comment