Wednesday 30 October 2019

#දිඹුලාගල #අබිරහස - #පර්යේෂණාත්මක #ලිපියකි.
==============
දිඹුලාගල කියන්නේ නිතර උල්කාපාතවන් එළිපාත්වෙන වගේම ඇත්තටම උල්කාපාත වැටෙන සක්වළයානා හෙවත් පියාබන පිරීසි මහ දවාලේ දැකපු අය ඉන්න අද්භූත ප්‍රදේශයක් කිව්වොත් මම නිවැරැදි යි.
              💎 වරක් සක්වළ යානයකට සමාන හැඩරුවකම් ඇති යානයකින් පැමිණි සක්වල ජීවීන්ට සමාන පිරිසක් දිඹුලාගල ගලට ආසන්න කැලෑ බද ප්‍රදේශයක පස් වන් යමක් එකතුකරනවා දැක තිබුනු ගම්මු පිරිසක් ගැනත් සමහරවිට ඔබ අසා ඇති.මෙය එකළ පුවත්පත්වල ගිය සත්‍ය  කරුණක් බව මා හට කීවේ දිඹුලාගල වැඩවසන හිමිනමක්.මේ හිමි වැඩි දුරටත් පවසන්නේ අදටත් නිතර දිඹුලාගල අහස්මාළිගාව නම් පර්වත මුදුනේ සෑය අසල ප්‍රදේශයන්ට උල්කාපාත පතිත වන බවත් ඒවා අගුරුවන් ස්භාවයෙන් දැක ගැනීමට සමහර දිනවල ද හැකි බවත් ය.
     💥💫💫දිඹුලාගලට පමණක් මෙසේ වන්නේ මන් ද..? යන්න ඔබට මට ඊළගට පැන නගින ගැටලුව නොවන්නේ ද..?දිඹුලාගලට ඉහළ අහස සක්වළ හා පෘථිවිය සම්බන්ධ කරන දොරටුවවක් බව දැන් දැන් මේ පිළිබදව ගවේෂණය කරන පර්‍යයේෂකයන්ගේ ගවේෂණ නිගමන වී තිබෙන බවක් කියවෙනවා කීවොත් ඔබ පුදුම වේ වී.
                  🌼🏵️🏵️ ඔන්න ඊළග විශ්මය ජනක කරුණ දිඹුලාගල පර්වත මුදුනේ තියෙනවා ඖෂධ පොකුණ කියලා පිරිසිදු වතුර තියෙන පොකුණක් එතන තියෙන වතුර අසනීප කෙනෙක්ට බොන්න දුන්නොත් ඒ අසනීපය පවා හොද වෙනවා කියලා ඈත අතීතයේ ඉදලා විශ්වාසයක් තියෙනවා .ඒ මෙහෙමයි.බුදුන් මහියංගණයට යක්ෂයන් දමනය කරන්න ආව වෙලාවේ දිඹුලාගල හිටිය කාලවේළ හා දික්තල කියන යක්ෂයන් බුදුන්ගෙන් බුද්ධ අධිෂ්ඨානයට ලක් කරගත්ත පැන් ටිකක් ඉල්ලන් ආවා කියනවා යක්ෂවර්ගයාගේ රෝගවලට සුවයක් ලබාගන්න ඔසුවක් විදියට.පස්සේ ඒ පැන් ටික කාටවත් ලේසියෙන් ලගාවෙන්න බැරි පර්වත මුදුනේ බෑවුමක තියෙන මේ ඖෂධ පොකුණට මේ යක්ෂයන් මේ පැන් එක් කරනවලු.එහෙම කරලා පස්සේ අමාරුම අසනීපවලට මෙතනින් පැන් අරන් ලෙඩ දුක් සුවපත් කරගත්තා කියනවා.අතීතයේ පටන් මහියංගණ වැදි ජනතාව අසනීපවලට මේ පැන් භාවිතයට ආවා කියලා දිඹුලාගල ජනප්‍රවාදවල අදටත් තියෙනවා .මේ පොකුණේ අදටත් සුපිරිසුදු වතුර තියෙනවා .අමාරුවෙන් හරි මේ පර්වතය තරණය කරලා බෑවුමේ තියෙන පොකුණට ගියොත් මේ පැන් බොන්න පුළුවන්.
                         💐💮🌸ඊළග ලස්සනම කතාව දිඹුලාගල පර්වතයේ තියෙනවා මාරාවීදිය කියලා පොඩි පාරක් එහෙමත් නැත්නම් වීදියක්වගේ තැනක් අදටත් කියන්නේ මාරාවීදිය කියලා.එතන තියෙනවා ලස්සනට ලියපු දිග සෙල්ලිපියක් .මේ තියෙන photo එකෙත් ඔන්න ඒක තියෙනවා .ඉතින් ඒ සෙල්ලිපියේ දකුණු පැත්තට වෙන්න ඉරක් සහ සදක් කොටලා තියෙනවා .දන්නව ද මේ සෙල්ලිපියෙන් කියවෙනවා කියන දේ..?
ඉර හද පවතින තාක් කල් උරුමකාරයා එනතුරු මේ පර්වත දෙක ඇතුලේ නිදන්‍ යමක් වෙද එය ගත නොහැකිය යන්න යි.ඉතින් මම ඉස්සරවෙලා කීව ඖෂධ පොකුණ ලග තියෙනවා ගලේ ලස්සන දොරක්වගේ යමක්.ජනප්‍රවාද අදටත් කියන්නේ ඔය දොර ඇරෙන්නේ උරුමකාරයා ආවොත් විතරයි කියලා. 🏵️🏵️🌼
🌴🌴🌳🌳🏵️🏵️ඔන්න දැන් කතාවට බහිමු.ජනප්‍රවාද වලින් ගම්මු කියන කතාවක් තමයි කාශප කියලා ඉස්සර හිටපු හාමුදුරු කෙනෙක්ගේ සිරුරක් ඔය පර්වතයේ තැන්පත් කරලා තියෙනවා කියලා.කවුද මේ කාශප හිමි..?   දිඹුලාගල පොළොන්නරුව ඉතිහාසය දන්න අය දන්නවා හිමිනමක් හිටියා පරාක්‍රමබාහු රජතුමාගේ කාළේ පළවෙනි ධර්ම සංඝායනාව කරපු.උන්වහන්සේ තමයි ප්‍රථම දර්ම සංඝායනාව ලක්දිව කරන්නේ.. උන්වහන්සේට ගෝලයෝ දෙන්නෙක් හිටියලු සාරිපුත්‍ත මොග්ගල්ලාන කියලා.ඒ ගොල්ලෝ දිඹුලාගල සැරියුත් හා දිඹුලාගල මුගලන්ලු..මේ සැරියුත් හාමුදුරුවන්ගේ ප්‍රඥා බලයට උන්වහන්සේට සාගර මතී කියලත් කීවලු..මුගලන් හිමි රජවරුන්ටත් උපදෙස් දුන්න නිසා රාජගුරු කීවලු..මුන්වහන්සේලාගේ පිරිවෙනවගේ තැන නාමල් පොකුණ කියලා අදටත් හදුනවන නටබුන් රැසකින් පිරි ආරාම සංකීර්ණයක්.
                      සාමාන්‍ය දැනීම තියෙන කෙනෙකුට තේරන කරුණක් තමයි දිඹුලාගලට කොහොම ද මෙ තථාගතයාණන් වහන්සේගේ අගසව් දෙනමගේ නම් තියෙන හිමිවරු දෙනමක් එක්ක තථාගත සාසනයක දෙවෙනි බුදුන්සේ සළකන ධූතාන්ගධාරී මහ රහතුන් අතර අග්‍ර කාශප හිමිත් ඈදුනේ කියලා. මේ කියන්නේ පොළොන්නරුව කාශප හාමුදුරුවෝ කෙරුවයි කියන සාසනික මෙහෙවර තථාගත සාසනයේ අසූමහ ශ්‍රාවක මහ කාශප හිමිගේ වැඩ හා ඒ චරිතයම නේ ද කියලා ස්වාධීනව ඔබ ගවේෂණය කරොතින් පෙනන බව නම් සත්‍යකි.
                    අන් කරුණ නම් පොළොන්නරු ඉතිහාසය නැවත ගවේෂණය කළ යුතු තැන් නම් බොහෝය.ඉතිහාසය දන්නා අය මේ කරුණු දන්නා අතර ඔබ අපවන් අය මේවා සොයා නොබලයි.උදාහරණ ලෙස පොළොන්නරු රන්කොත් වෙහෙර හැදුවේ කවු ද..?පොළොන්නරුව කිරිවෙහෙර හැදුවේ කවු ද..?තාම නිශ්චිත නැත.අනුමාන පමණි. සෝමාවතිය සැය හැදුවේ කුමන කාළයේ ද..?නිශ්චිත නැත. ක්‍රි.පු 3 ,4 කාළවල යැයි අනුමාන කරයි.
               අවසානයේ කීමට ඇත්තේ මෙපමණකි.සැගවුන හෙළ ඉතිහාසය මතුකර ගැනීමට නම් ඔබ ඉතිහාසය සොයන්නෙකු ගවේෂණය කරන්නෙකු වන්න.එය තථාගත දහමට පසුව ඇති අපගේ දායාද ය යි.

ස්තුතිය 🙏

Welcome to Reda Official Page

සීමා මායිම් නැති Life එක..